උදාරි වර්ණකුලසූරිය යනු බොහෝ දෙනා ආදරය කරන චරිතයකි. මේ දිනවල විවිධ ටෙලිනාට්‍යවලින් දැකගැනීමට හැකියාව ඇති අතර, ඉදිරියේ දී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිත ය.
මේ උදාරි ඒ ගැන දැක් වූ අදහස් කිහිපයක්,
“මේ දවස්වල අලුතින් ටෙලිනාට්‍ය දෙකක වැඩ පටන් ගත්තා. තව ආරාධනා ගොඩක් ලැබිලා තියෙනවා. සුපුන් රත්නායක මහත්මයාගේ, “මගේ ආදර අවනඩුව” රූපගත කිරීමේ පළමු එක ඉවර කළා. තව ළමා ටෙලිනාට්‍යයක් කරනවා. එකේ වැඩකටයුතුත් කරගෙන යනවා. එක රිදී කියන කතාවක්. තව “ආදරණීය කතාවක්” චිත්‍රපටය එළිදැක්වීමට මාසයක කාලයක් වගේ තමයි තියෙන්නේ.
ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නේ ඒකට ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ප්‍රතිචාර ලැබෙයි, ඒ සඳහා ගොඩක් අය ආදරය කරයි කියලා. ආදරණීය කතාවක් කියන්නෙ සංගීතමය චිත්‍රපටයක්. එකේ මම සහ හේමාල් රණසිංහ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. එකේ කතාව කිව්වොත් අගේ නැතිවෙනවා. එකේ අවසානයට ඉතුරු වෙන්නේ දුක.
ගොඩක් අය විරහව කියන දේට ආස වෙන නිසා, මේ සඳහා ගොඩක් අය ආදරය කරයි. “ඉතිං මම මොන තරම් කාර්යය බහුල වුණත්, මගේ පළමු වැනි අවධානය තියෙන්නෙ මගේ පවුල සහ දරුවා කියන තැනටයි. මගේ පවුලේ කටයුතුවලට බාධාවක් නොවෙන්න තමයි රංගන කටයුතු කරගෙන යන්නේ.”
එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්,
Thursday, April 7, 2016
උදාරි තව මාසෙකින් හේමාල් එක්ක (VIDEO)
Tags
# කලා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment