AC බස්වලින් කළ අමුතු ජාවාරමක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

AC බස්වලින් කළ අමුතු ජාවාරමක් (PHOTOS)

අධි සුඛෝපභෝගී බස්රථ යොදාගනිමින් බුරුත දැව කඳන් ප්‍රවාහනය කරමින් තිබූ ජාවාරමක තොරතුරු අනාවණය කර ගැනීඹට වවුනියාව පොලීසිය සමත් වී තිබේ.

අද (05) අලුයම මාන්කුලම සිරාඩිකුලම් රක්ෂිතයේ සිට යාපනය දක්වා මෙම බුරුත දැව කඳන් තොගය ප්‍රවාහනය කරමින් සිටිය දී පොලීසිය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

වවුනියාව පොලිසිය පැවසූවේ සුඛෝපභෝගී බස්රථ යොදාගෙන සිදුකරන දැව ජාවාරමක් පිළිබඳ වවුනියාව දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

කොළඹ සිට යාපනය දක්වා මගීන් ප්‍රවාහනය කරන අයුරින් බස් රථය සකසා ප්‍රවාහන අධිකාරියේ ධාවන බලපත්‍රයේ පිටපතක්ද පෙනෙන අයුරින් අලවා දීර්ඝ කාලයක සිට මෙම දැව ජාවරම සිදු කොට ඇති බව ද හෙළි වී තිබේ.

ඡායාරූප පහතින්...

(1)
(2)
(3)
(4) 

No comments:

Post a Comment

Post Bottom Ad