'දැන් සන්ධානයේ තීරණාත්මක සාකච්ඡා නෑ' - වෙන්නේ මේකයි මනූෂ හෙළි කරයි (AUDIO)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

'දැන් සන්ධානයේ තීරණාත්මක සාකච්ඡා නෑ' - වෙන්නේ මේකයි මනූෂ හෙළි කරයි (AUDIO) 

මේවන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තීරණාත්මක සාකච්ඡා සිදු නොකරන බවත් ඒ ඒ දිස්ත්‍රික්වලින් සන්ධානයේ පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳ සාකච්ඡා පමණක් පැවැත්වෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා 
පැවසුවේය.  

යම් යම් දිස්ත්‍රික්කවල විශාල වශයෙන් අපේක්ෂකයින් සන්ධානයට ඉදිරිපත් වී ඇති බවත් හිටපු මන්ත්‍රීවරුන්ටත්, නවක අපේක්ෂකයින්ටත් අවස්ථාව ලබාදීමටත් සන්ධානයේ පක්ෂවලින් ඉදිරිපත් කරන අපේක්ෂකයින් පිළිබඳ පමණක් සාකච්ඡා සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයෙන් ඉදිරිපත් වන බවට සන්ධාන මහ ලේකම්වරයා විසින් ලිඛිතව ඉදිරිපත් කර ඇති බැවින් එය තීන්දු කර අවසන් බවද නානායක්කාර මහතා පෙන්වා දුන්නේය. චෝදනා එල්ලවී ඇති හිටපු මන්ත්‍රීවරුන්ට එම චෝදනා ඔප්පු කර නොමැති නිසා නාමයෝජනා නොදී සිටීමට හැකියාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

එම හඩපටය පහතින්




Source : Asianmirror

No comments:

Post a Comment

Post Bottom Ad