පාසල් විද්‍යාගාරයේ පිපිරුමක් - සිසුන් රෝහලේ  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

පාසල් විද්‍යාගාරයේ පිපිරුමක් - සිසුන් රෝහලේ 

හලාවත - බංගදෙණිය, දෙමටපිටිය විද්‍යාලයේ විද්‍යාගාරය තුළ සිදු වූ සුළු පිපිරීමක් හේතුවෙන්  කම්පනයට පත්ව ඇති පාසල් දරුවන් 06 දෙනෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

අද (07)  දහවල් මෙය සිදු වී ඇති අතර රෝහල් ගත කරන ලද පාසල් දරුවන්ගෙන් සිව්දෙනෙකු ප්‍රාථමික සත්කාරක ඒකකයෙන් ප්‍රතිකාර ලබා පිට ව ගොස් තිබේ.

දරුවන් දෙදෙනෙකු පමණක් රෝහලේ අක්ෂි වාට්ටුවක ප්‍රතිකාර සඳහා නේවාසික ව සිටී. පාසල් දරුවන් ගුරුවරයෙකු ද සමග විද්‍යාලය තුළ කිසියම් පර්යේෂණ කටයුත්තක් සිදු කරමින් සිටින විට මෙය සිදු වී ඇත.
රෝහල් ගත කළ දරුවන්ට අනුව ඔවුන්ගේ සිරුරේ කොන්ඩිස් තිබූ බවත්, එය බරපතළ තතත්වයක් නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. 

රෝහල් ගත කරන ලද කිසිදු දරුවෙකු තුවාල ලබා නොමැත.
‍දරුවන් දෙදෙනෙකු නේවාසික කරන ලද්දේ ඔවුන්ගේ ඇසවලට කොන්ඩිස් ඇතුළත් වී ඇද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad