"සනත්ගේ තීරණය ක්‍රිකට් අනාගතයට හොඳයි" - ඩලස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

"සනත්ගේ තීරණය ක්‍රිකට් අනාගතයට හොඳයි" - ඩලස්

මාතර ආසනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී හමුවක් ඊයේ දින (06) පැවැත්විණ. එය ඇමතූ ඩලස් අලහප්පෙරුම මහතා, පසුගිය දා දේශපාලනයෙන් සමුගන්නා බවට සනත් ජයසූරිය මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසකි. 

"මට දැනගන්න ලැබුණා  සනත් ජයසූරිය මාතර සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වුණු බව. එය සත්‍යයක් නම් ඔහුගේ ක්‍රිකට් දිවියේ අනාගතය සහ මේ රටේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ගත්ත තීරණයක් කියලා මට කිසිම සැකයක් නැහැ. ඔහු කුමන්ත්‍රණකරුවෙක්වත් මැතිවරණයට ද්‍රෝහිව කටයුතු කරපු කෙනෙක්වත් නෙමෙයි"

මෙම අවස්ථාව ඇමතූ අලහප්පෙරුම මහතා වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළේ ය.

"මේ මැතිවරණයේදී අපි රටට ආදරය කරන පාර්ලිමේනතුවක් හදන්න බලාපොරොත්තුවෙනවා. ඇයි ඒ,මේ පාර්ලිමේන්තුව රටට ආදරය කරන්නෙ නැති නිසා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් විසුරුවා හැරියට පස්සේ නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු බල සහිතව ඉන්නවා. 

අපේ කාලයේ එහෙම නෙමෙයි, පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සේ එදා රාත්‍රියේ ඉඳලා කැබිනට් මණ්ඩලය විතරයි බලසහිත . 19 සංශෝධනය ඇතුළේ තිබුණු ඒ වගන්තිය අපටත් අහුවුණේ නැහැ. ඒක හොඳ උපක‍්‍රමයක් ඇස් වලට වැලි ගහලා සම්මත කරගත්තා.

යහපාලන පැවසූ අයගේ නිහඬතාවයි ප්‍රශ්නේ. සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් උදෙසා ව්‍යාපාරය, වැලිඅමුණ මැතිතුමාගේ ව්‍යාපාරය, මැතිවරණ මෙහෙයුම් සංවිධාන මේ සියල්ල අද නිහඬයි. ඒ නිසා මේ නිහඬ බව බිඳිය යුතුයි. 

මැතිවරණ ප්‍රතිඵලය කුමක් වුණත් කමක් නැහැ මේ නිහඬ බව බිඳින්න නැතිනම් මිනිසුන් සැකකරයි මේ ආදරය කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂට කියලා. මේක නිවැරදි කරලා දෙන්න. සෝභිත ස්වාමීන් වහන්සේ 20 වැනි සංශෝධනය ගේන්න කොයිතරම් උත්සාහ ගත්තත් රනිල් මහත්තයට 20 නෙමෙයි ඕන වුණේ විස්වාසභංගයෙන් පැනලා යන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්නයි. 

අපේ සෝභිත ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්නේ තැටිය රත්වෙචිච වෙලාවේ රොටිය පුච්ච ගන්න කියලා. ඔබ වහන්සේ හිතන් ඉන්නේ රෝටිය පිචච්චිලා ඉවරයි කියලා  අපිටත් පෙනුණේ එහෙමයි. හැබැයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයගේ රොටියේ පිටි තැම්බිලා නැහැ. ඒ නිසා දැන්වත් මේ නිහඬ බව බිඳින්න කියා මා ඉල්ලා සිටිනවා"

No comments:

Post a Comment

Post Bottom Ad