මැතිවරණයට තරග කිරීමට හිටපු LTTE නායකයෙකුගෙන් අයැදුම් පතක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

මැතිවරණයට තරග කිරීමට හිටපු LTTE නායකයෙකුගෙන් අයැදුම් පතක්!

LTTE සංවිධානයේ හිටපු ඉහළ පෙළ නායකයෙක් වූ ආත්මලිංගම් රවින්ද්‍ර රූබන් නැමැත්තා ඉදිරි මහමැතිවරණය සඳහා ඉලංගෙයි තමිල් අරසු කට්චි (ITAK) පක්ෂයෙන් නාම යෝජනා ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මෙම අයදුම්පත්‍රය පිළිගතහොත් 2009 වසරේ යුද්ධය අවසන්වීමත් සමග කිසිදු LTTE සාමාජිකයෙකු සිය දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ කර නොගැනීමේ තීරණයක සිටි ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තුළ අර්බුධයක් නිර්මාණයවනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතය වේ.

කෙසේ හෝ ඉදිරි මහමැතිවරණයට තරග කිරීමට අවස්ථාව ලැබී ඉන් ජයග්‍රහණය කිරීමට හැකිවුවහොත් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලද ප්‍රථම LTTE නායකයා ලෙස රූබන් ඉතිහාස ගතවනු ඇත.

රූබන්ට පෙර LTTE නායකයෙකු වූ විනයාගමූර්ති මුරලිධරන් හෙවත් කරුණා අම්මාන් හට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණු නමුත් ඔහු එම අවස්ථාව ලබා ගත්තේ ජාතික ලැයිස්තුව හරහා ය.

No comments:

Post a Comment

Post Bottom Ad