පසුගිය සමයේ ජනපති ආරක්ෂක අංශයත් මැණික් ගැරුවා - ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

පසුගිය සමයේ ජනපති ආරක්ෂක අංශයත් මැණික් ගැරුවා - ජනපති

පසුගිය සමයේ ජනාධිපති ආරක්ෂක අංශයත් ගංඟාවලට මැණික් හාරන්න කටයුතු කළ බවත් ඔවුන් එම මැණික් ගිහින් දුන්නේ කාටද යන්න තමා අලුතින් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද(29) පෙරවරුවේ දෙහිඕවිට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවති සීතාවක ග‍ගේ මැණික් ගැරීමේ ඒකාබද්ධ නියමු ව්‍යාපෘතියේ ප්‍රතිලාභ එම ප්‍රදේශයේ ජනතාව අතර ඛෙදාදීමේ උත්සවයේදී ය.

‘මැණික්  හා ස්වර්ණාභරණ අධිකාරිය පසුගිය අවුරුදු කිහිපයක කාලයේ කටයුතු කළ ආකාරය ගැන මම කිසිසේත් සතුටු වෙන්නේ නෑ. මැණික් සංස්ථාවට අයිති දේවල් කළ යුතුයි. මෙම ආයතනවල කටයුතු දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව කිරීම අත්‍යවශ්‍ය දෙයක්.‘ යැයිද හෙතෙම සඳහන් කළේය.

සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, රංජිත් සියඹලාපිටිය, අතාවුද සෙනෙවිරත්න, සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායිකා වෛද්‍ය තුසිතා විජේමාන්න, මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ සභාපති අනුර ගුණවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් සිටියහ. 

No comments:

Post a Comment

Post Bottom Ad