ජනපති - ශ්‍රීලනිප තීරණාත්මක හමුව ඇරඹෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

ජනපති - ශ්‍රීලනිප තීරණාත්මක හමුව ඇරඹෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් මේවන විට පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳ අප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගෙන් විමසූවිට පැවසූවේ සුසිල් ප්‍රේමජයන්ත් සන්ධාන මහලේකම්වරයා හා ජනාධිපතිවරයා සහභාගී වන මෙම සාකච්ඡාව අද (29) පස්වරු 4.00න් පසු ආරම්භ වීමට නියමිත බවයි. 

ඒ අනුව ජනාධිපතිවරයා සමග එම සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුලු ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ.

මහ මැතිවරණයට තරග කිරීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ කරගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට බොහෝදුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසයි.
මහින්ද මෛත්‍රී සුහද කිරීමේ සය සාමාජික කමිටුව හමුවීමට ප්‍රථමයෙන් මෙම සාකච්ඡා පැවැත්වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad