මහින්ද කැඳවාගෙන ඒමට තංගල්ලට පෙලපාලියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

මහින්ද කැඳවාගෙන ඒමට තංගල්ලට පෙලපාලියක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීම් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් අනිද්දා (01 වැනිදා) තංගල්ලේ කාල්ටන් නිවසට රථ පෙළපාලියකින් යැමට තීරණය කර ඇත.

මේ සඳහා සන්ධාන නායකයන්, පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන නියෝජිතයන් සහභාගි වන අතර එහිදී හිටපු ජනාධිපතිවරයා විශේෂ ප‍්‍රකාශයක් කිරීමටද නියමිතය.

ක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, එස්. එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලූත්ගමගේ යන මහත්වරුන් ඇතුළු 15 දෙනකුගෙන් යුත් කමිටුවකින් ගත් තීරණයක් මත මෙම වැඩසටහන දියත් කෙරේ.

හිටපු ජනාධිපතිවරයා හමුවීමට යන කණ්ඩායම රට බේරාගැනීමට මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ඒ මහතාගෙන් ඉල්ලා සිටින අතර එයට හිටපු ජනාධිපතිවරයා එකඟතාව පළකරනු ලැබුවහොත් ජුලි 09 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වෙන රැුලියට ඒ මහතා සහභාගි කරවීමට අපේක්ෂා කෙරේ.

චමින්ද සිල්වා - අනුර බාලසූරිය

No comments:

Post a Comment

Post Bottom Ad