හිටපු ජනපති 06 වැනි දා මැතිවරණ වේදිකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

හිටපු ජනපති 06 වැනි දා මැතිවරණ වේදිකාවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය එළැඹෙන 06 වැනි දා අනුරාධපුරයේ දී ආරම්භ කරන බව කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ එදිනට අනිවාර්යයෙන්ම එම වේදිකාවට ගොඩවෙන බව ඔහු පැවසුවේ ය. ඊයේ (28) ඉබ්බාගමුව හිරියාල මැතිවරණ කොට්ඨාශයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

"දැන් හැම පැත්තෙන්ම හිරවීගෙන හිරවීගෙන එනවා. ඒ නිසා මෛත‍්‍රීපාල ජනාධිපතිතුමා තනියෙන් හම්බවෙන්න ඕනෑ කියා හදිසියේම මහින්ද රාජපක්ෂට කිව්වා. පහුගිය දවසක දෙදෙනා යම් තැනක දී තනියෙන් හම්බවුනා. ඒ හම්බ වුනාම කිව්වා ඔයාට අගමැති අපේක්ෂකකම දෙන්නම් කියලා. හැබැයි මට නම් ඒ ගැන විශ්වාසයක් නෑ.

ඒ කොහොම වෙතත් මේ එන 06 වැනිදාට මහින්ද රාජපක්ෂ අනුරාධපුරේ දී පළමුවැනි ඡන්ද වේදිකාව ආරම්භ කරනවා. මහින්ද රාජපක්ෂ ඒ වේදිකාවට ගොඩවෙනවා. ඒකට යන්න ලෑස්ති වෙන්න." යනුවෙන් වැඩි දුර අදහස් දක්වමින් සාලින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.

සබැඳි ලිපි - 

මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්? (VIDEO)

No comments:

Post a Comment

Post Bottom Ad