දිවිනැඟුම ප්‍රජා මූල බැංකුවේ අරමුදල් නීති විරෝධි ලෙස පරිහරණය කරන බවට චෝදනා කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල්දමා ඇත.
ඒ අනුව සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවිනැඟුම ප්‍රජා මූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම්ව සිදුකරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ නොතිසි අගමැති ඇතුළු සියලුම වගඋත්තරකරුවන්ට ලබාදීමෙන් පසුව පෙත්සම ලබන ජූලි 10 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.
අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය, නිවාස හ සමෘද්ධි අමාත්‍යවරයා, පොලිස්පති සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමය, එහි සභාපති, ලේකම් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
රෝහිණී මාරසිංහ, සිසිර ද ආබෘ සහ උපාලි අබේරත්න යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.

No comments:
Post a Comment