ඉදිරි මහ මැතිවරණයේදී තමන්ට සහයෝගය දැක්වීමට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා වතුකරයට පැමිණෙන බව තමන්ට පොරොන්දු වී ඇතැයි කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශ නායක හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක‍්‍රිෂ්ණන් මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නව කාර්යාලය හැටන් හයිලන්ස් විද්‍යාලය අසල විවෘත කිරීමෙන් අනතුරුව පැවති පක්ෂ සාමාජික රැස්වීමකදීය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කඳුරට පෙරමුණ තරඟ කරන ආකාරය පිළිබඳව මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව තීරණය කරන බව ද හෙතෙම අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ප‍්‍රධාන පක්ෂ කීපයක්ම ඔවුන් සමග එක්වී තරඟ කරන ලෙස ආරාධනා කර ඇතත් කඳුරට ජනතා පෙරමුණේ මධ්‍යම කාරක සභාව ලබන මස 01 වැනි දා රැස්වී ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව අමාත්‍ය වී.රාධාක‍්‍රිෂ්ණන් මහතා පැවසී ය.
මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එළඹෙන මහ මැතිවරණය ඉන්දීය සම්බවයක් ඇති ජනතාවට තීරණාත්මක මැතිවරණයක් බවත් එම මැතිවරණයෙන් ඉන්දීය සම්බවයක් ඇති ජනතාව නියෝජනය කිරීමට වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් තිබිය යුතු බවයි.
ඉදිරි මැතිවරණයෙන් පසු මේ රටේ රැකී රක්ෂා දසලක්ෂයක් ලබාදෙන බවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පොරොන්දු වී ඇති අතර එම රැකී රක්ෂාවලින් වතුකරයට රැකීරක්ෂා පනස්දහසක් ලබාගැනීම තම අපේක්ෂාව බව වී.රාධාක‍්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් පැවසී ය.
හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:
Post a Comment