සමලිංගිකත්වය හත්පොලේ ගාගත් අපේ facebook ඇත්තෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

සමලිංගිකත්වය හත්පොලේ ගාගත් අපේ facebook ඇත්තෝ

අමෙරිකාවේ අධිකරණය විසින් එරට සමලිංගික විවාහ රට පුරා සිදු කිරීමට අවසර දීමේ නියෝගයක් පසුගියදා ලබා දුන්නා. 

මේ නඩු තීන්දුව හේතුවෙන් ධවල මන්දිරයත් දේදුනු වර්ණ වලින් හැඩවෙලා තිබුණ. 

facebook සමාගමත් මේ නඩු තීන්දුවට කැමති සහ සමලිංගිකත්වයට කැමති තම සාමාජිකයින්ට තමන්ගෙ ප්‍රොෆයිල් පික්චර් එක දේදුනු වර්ණ ගන්වන්න අවස්ථාව දීල තියෙනව. ඒ මෙන්න මේ facebook.com/celebratepride ඇප් එකෙන්.


අපේ බොහෝ දෙනෙක් මේ ගැන කිසිදු වග විභාගයක් නැතුව තමන්ගෙ ප්‍රොෆයිල් පික්චර් එකත් දේදුනු වර්ණ ගන්වල තියෙනව. හැබැයි අපේ රටේ බොහෝ දෙනෙක් මේ විදියට තමන්ගෙ පිංතූරය දේදුනු වර්ණ ගන්වල තියෙන්නෙ සමලිංගික නිසාවත්, අමෙරිකාව දුන් නඩු තීන්දුවට කැමති නිසාවත් නෙවෙයි. 

පෙනෙන ඕන එකක් ක්ලික් කිරීමේ පුරුද්ද නිසයි. දේදුනු වර්ණ ධජය තමයි අන්තර්ජාතිකව සමලිංගිකත්වය පිළිගන්නා අයගෙ ධජය වෙන්නෙ. https://en.wikipedia.org/wiki/Rainbow_flag_(LGBT_movement)


No comments:

Post a Comment

Post Bottom Ad