
ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ශල්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාගේ පහර කෑමට ලක්වූ ගැබිණි වෛද්‍යවරිය වන සාගරිකා සේනානායක විසින් ඊයේ (09) දිනයේ දී මාධ්‍ය හමුවක් පවත්වා තිබුණි.
එහිදී ඇය කියා සිටියේ ඔක්තොම්බර් 18 වෙනිදා ඉරිදා දිනයේ දී ඇය රෝහලේ සේවයේ නිරතව සිටි බවයි. උදෑසන වාට්ටු නිරීක්ෂණයේ දී ඇයගේ වාට්ටුව බාරව සිටි විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා විසින් තමන්ගේ හිසට පහර දුන් බවද ඇය කියා සිටියාය.
මීට පෙර අවස්ථා කිහිපයක දීම ඇයට පහර දුන් බවත්, අවස්ථාව ශල්‍යාගාරයේ දීද එක් අවස්ථාව මෙලෙස පහර දුන් බවද පවසන ඇය කියා සිටියේ අදාළ විශේෂඥ වෛද්‍යවරයා විසින් වාචිකව සහ කායිකව තමන්ට විවිධ වද හිංසා කළ බවයි.
අදාළ විශේෂඥ වෛද්‍යවරයා විසින් අවසාන වරට පහර දෙන අවස්ථාවේ තමන් සති 09ක ගැබිණියක් බවත්, විශේෂඥ වෛද්‍යවරයා ඒ බැව දැන දැන තමන්ට වද හිංසා කළ බවද වෛද්‍ය සාගරිකා සේනානානයක මහත්මිය එම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළ සිටියාය.
එම වෛද්‍යවරයාට එතරම් වෛරයක් ඇති වීමට හේතුව කුමක්දැයි මාධ්‍යවේදීන් ඇයගෙන් විමසා සිටි අතර එහිදී ඇය කියා සිටියේ එයට හේතුව කුමක්ද යන්න ඇය නොදන්න බවත්, එම වෛද්‍යවරයා විසින් විවිධ වෛද්‍යවරුන්ට විවිධාකාරයෙන් සලකන බවද ඇය එම වාට්ටුව සේවය කළ මාස 06ක් වැනි කෙටි කාලය තුළ දැනගත් බවද කියා සිටියේය.
තමන්ට පමණක් මෙලෙස පහර නොදෙන බවත්, වාට්ටුවේ සිටින හෙද නිලධාරිනියන්ට පවා නිතරම පහර දෙන බවත්, කවුරුවත් ඒ පිළිබඳව කියන්නට ඉදිරිපත් නොවන බවද ඇය ප්‍රකාශ කර සිටියාය.
සැබැඳි පුවත් -
තමුසෙව මම බලෙන් ගබ්සා කරනවා - වෛද්‍යවරයා මට තර්ජනය කළා : පොලිසියත් වෛද්‍යවරයාගේ පැත්ත ගත්තා (VIDEO)
කරාපිටිය ගබ්සා දොස්තර ප්‍රබලයෙක් - වෛද්‍ය සංගමයටත් පියවරක් ගන්ඩ බැරි තත්වයක්
කරාපිටිය රෝහලේ සිංහල සාෆි කෙනෙක් - වෛද්‍යවරියකට දරු ගැබ ගබ්සා කර ගන්නැයි කියමින් පහර දීලා
ඇය සහභාගී වූ මාධ්‍ය හමුව පහතින්,
No comments:
Post a Comment