දෙමළ කතුන් දුෂණය කරන, ඝාතනය කරන පින්තූර ඉදිරිපත් කරනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 19, 2014

දෙමළ කතුන් දුෂණය කරන, ඝාතනය කරන පින්තූර ඉදිරිපත් කරනවා

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි බලයට පත් වූ පසු ශ‍්‍රී ලංකාවට හමුදා සහය නොදෙන බවට පොරොන්දු වූ යේ යයි එම්.ඞී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වයිකෝ පවසයි.

තමන් ශී‍්‍ර ලංකා හමුදාව දෙමළ ජනතාවට එරෙහිව කළ ක‍්‍රෑරකම් පිළිබදව නරේන්ද්‍ර මෝඩි දැනුවත් කළ බවද පවසන ඔහු ඉන්දියාවේ හිටපු අගමැති අතල් බිහාර් වජ්පායිගේ හමුදා සහයක් ලබා නොදීමේ ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන බවට නරේන්ද්‍ර මෝඩි පොරොන්දු බවතව දුරටත් පැවසීය.

එළැඹෙන 26 වැනිදාට දෙමළ ජනයාට සාධාරණයක් ඉටුකිරීම සදහා ලොව පුරා උද්ඝෝෂණ සංවිධානය කරන බවත් බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඇතළු ලෝක නායකයන්ගේ නිවෙස් ඉදිරිපිටද මෙම උද්ඝෝෂණ පවත්වන බවත් ඔහු කීය.

චැනල් 4 නාළිකාව ශ‍්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් නවතම සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් අහිංසක දෙමළ කාන්තාවන් 15 දෙනකු ලිංගික අතවරවලට ලක්වෙන අයුරුත් යුද සමයේදි ඝාතනයට ලක්වන අයුරුත් දැක්වෙන ඡයාරූප එළිදැක්වීමට නියමිත බවත් කීය.

No comments:

Post a Comment

Post Bottom Ad