ද්විත්ව පුරවැසිකම තියාගෙන බැසිල් පාර්ලිමේන්තු එන එකක් නෑ.. එහෙම ලැජ්ජ නැති වැඩක් ඔහු කරන එකක් නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 4, 2020

ද්විත්ව පුරවැසිකම තියාගෙන බැසිල් පාර්ලිමේන්තු එන එකක් නෑ.. එහෙම ලැජ්ජ නැති වැඩක් ඔහු කරන එකක් නෑ..

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පිවිසීමට තමන්ගේ කිසිදු විරෝධයක් නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
නමුත් තමන්ගේ විරෝධතාවය ඇත්තේ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව පිවිසීම සම්බන්ධයෙන් බවද ඔහු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඒමට කිසිදු අදහසක් නැතැයි තමන් හා පැහැදිලිව ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය අතහැර ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට පැමිණිය හැකි බවත් දැන් වුවද සම්මත කර ඇති විසිවන සංශෝධනය අනුව එය අත නොහැර ද පාර්ලිමේන්තුව පැමිණිය හැකි බවත් කී ඔහු එවන් ලැජ්ජා නැති වැඩක් බැසිල් රාජපක්ෂ මහතා නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසුවේය.

තම අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මෙම මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad