ජයලලිතා, රජීව් ගාන්ධි මැරූ කොටින්ට සමාව දී නිදහස් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 19, 2014

ජයලලිතා, රජීව් ගාන්ධි මැරූ කොටින්ට සමාව දී නිදහස් කරයි

කොටි සංවිධානය විසින් ඝාතනය කරනු ලැබූ හිටපු ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් සිව් දෙනා පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට තමිල්නාඩු ප‍්‍රාන්ත රජය තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ප‍්‍රාන්ත මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ තමිල්නාඩු ප‍්‍රාන්ත කැබිනට් මණ්ඩලය විසිනි.

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව සිටි මෙම පුද්ගලයන් සිව් දෙනාගේ දඩුවම ජීවිතාන්තය දක්වා සිරදඩුවක් ලෙස සංශෝධනය කිරීමට ඉන්දීය අධිකරණය ඊයේ තීන්දු කලේය.

ඉන්දීය ව්‍යවස්ථාවට අනුව මරණ දඬුවම ඉවත් කිරීමෙන් පසුව එවැනි සිරකරුවන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රමුඛ ප්‍රාන්ත ආණ්ඩුවට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad