ගයන්ත කරුණාතිලක ළඟදීම ආණ්ඩුවට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 19, 2014

ගයන්ත කරුණාතිලක ළඟදීම ආණ්ඩුවට..

ළඟදීම එජාප මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලකත් ආණ්ඩුවට එක් වන බව වෙළද සහ සමූපකාර ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

අක්මීමන ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව කීය.

‘ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීතුමා වැඩිකල් යන්න පෙර අපේ පැත්තට එනවා. යූඑන්පී එකේ හිටියට ගයන්තට අනාතගයක් නැහැ. වජිර බලාගෙන ඉන්නේ ගයන්ත මේ පැත්තට යවන්න.

ගාල්ල දිස්ති‍්‍රක් එක්සත් ජාතික අපේක්ෂක ලැයිස්තුවේ පළාත් සභා ඇමතිකමක් ගන්න මහ ඇමතිකමක් ගන්න ජනතාවට නායකත්වය දෙන්න කවුද ඉන්නේ. එහෙම හිටියානම් හිටියේ රත්තරන් විතරයි.නමුත් අද රත්තරන් ඉන්නේ ජනාධිතිතුමා එක්ක.

මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිසා ජනතා කැමැත්ත අනුව ජනාධිපතිතුමා මැතිවරණ පවත්වනවා.මැතිවරණ දුන් විට එපා කියනවා.මේක නියම විපක්ෂයක්. 

ඡන්දය දුන්නාම බනිනවා.ඒ වගේම ජනාධිතිතුමා මැතිවරණ සාධාරණව පවත්වනවා.මේ වගේ සාධාරණ මැතිවරණ දැකලා තියනවද’ යයිද ඔහු එහිදී කීය.

No comments:

Post a Comment

Post Bottom Ad