හලාවත පාන් ගෙඩියකින් යකඩ ඇණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 14, 2014

හලාවත පාන් ගෙඩියකින් යකඩ ඇණයක්

පුළුස්සා තිබූ පාන් ගෙඩියක යකඩ ඇණයක් ඇතුළත් ව තිබීමේ චෝදනාවට වැරදිකරුවන් වූ බේකරි හිමියෙකුට හා කඩ හිමියෙකුට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් කල්හාරි කේ ලියනගේ මහත්මිය විසින් රුපියල් 17,000 ක දඩ මුදලක් ගෙවීමට නියම කළා ය.

එසේ දඩ නියම වූයේ හලාවත ජයබිම ජනපදයේ පදිංචි කඩ හිමියෙකුවන එම් ජමාල්දීන් කාසිමි හා හලාවත වට්ටක්කලියේ බේකරිහිමියෙකුවන මොහොමඩ් හුසේන් මොහොමඩි හාරිස් නමැති දෙදෙනාට ය.

පළමුවන විත්තිකරු පවත්වා ගෙන යන වෙළෙඳසැලෙන් මිලට ගෙන ගොස් ආහාරයට ගැනීමට සූදානම් වූ පාන් ගෙඩියෙහි  යකඩ ඇණයක් තිබී හමුවීම හේතුවෙන් ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත කර තිබු පැමිණිලක් අනුව විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

එම යකඩ ඇණය හමු වී ඇත්තේ එම පාන් ගෙඩියෙන් කැබැල්ලක් කුඩා දරුවෙකුට ආහාරයට දුන් අවස්ථාවේ දී බව අනාවරණය විය. 
හලාවත මහජන සෞඛ්‍ය පරික්ෂක බීඒ සමන්ත හා මුන්නේස්වරම මහජන සෞඛ්‍ය පරික්ෂක අයිඒපි ප්‍රනාන්දු යන මහත්වරුන් විත්තිකරුවන්ට එරෙහි පැමිණිල්ල ගොණු කර තිබුණි.

මිනිස් පරිභෝජනය සඳහා ආහාර සකස් කිරීමේ දී නොසැළකිලිමත් ව අනතුරක් ඇතිවන ලෙසින් ආහාර පිළියෙළ කිරීම හා එවැනි ආහාරයක් අලෙවි කිරීමේ චෝදනා මත නඩුව පවරා තිබූ බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad