
ඊයේ (10) දිනයේ දී නව ආසාදිතයින් 430ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව14,715ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට අදාළ පොකුරෙන් වාර්තා වු සමස්ථ ආසාදිතයින් ගණන 11,237ක් දක්වා ඊයේ දිනයේ දී වාර්තා විය.
ඒ අතරින් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයන් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් පුද්ගලයින් 1,007ක් හා ඉතිරි පුද්ගලයින් 9,189 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ අතර, ඊයේ රාත්‍රියේ ඩුබායි සිට පුද්ගලයින් 50 දෙනෙක් හා අද (11) උදෑසන ඉතියෝපියාවේ සිට පුද්ගලයින් 110ක්, ඩුබායි සිට පුද්ගලයින් 270ක් හා ඉන්දියාවේ මුම්බායි සිට පුද්ලගයින් 6 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.
ඔවුන් සියලු දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇතැයි ද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අද දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 8 දෙනෙක් පිටව යෑමට නියමිතය.
තවත් පුද්ගලයින් 2,277ක ප්‍රමාණයක් නිරෝධායන මධ්‍යස්ථාන 28ක් තුළ නිරෝධායනය වෙමින් සිටී.
මේ අතර ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 8,272ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 619,108කි.
ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සිදුව ඇති කොවිඩ් මරණ ගණන 41ක් දක්වා ඉහළ ගොස් ඇත.
- කොරෝනා
No comments:
Post a Comment