
කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිණි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් තිබූ සූඛෝපභෝගී බස්රථයක් කටුනායක අධිවේගී මාර්ගයේ දී ඊයේ (10) රාත්‍රී 10.40ට පමණ අනතුරට ලක්ව තිබේ.
අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබිය දී 25 වන කිලෝමීටර කණුව අසල දී මෙම බස්රථය අනතුරට ලක්ව තිබේ.
බස්රථයේ ඉදිරිපස ටයරයක් පුපුරායෑමත් සමග රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයි පොලීසිය සැකකෙරන අතර අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ද බස්රථය ගැටී ඇත.
අනතුරින් බස්රථ රියදුරු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, අනතුර හේතුවෙන් කටුනායක සිට කොළඹ දෙසට වු අධිවේගී මංතීරුව තාවකාලිකව වසා දමා තිබුණි.
ඒ අනුව කොළඹ දෙසට පැමිණෙන මගීන් ජා - ඇළ පිවිසුම් දොරටුවෙන් ඇතුළු විය හැකි බව ද වාර්තා වේ.
No comments:
Post a Comment