08 වනදා සිට රාජගිරිය ගුවන් පාලම විවෘතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 5, 2018

08 වනදා සිට රාජගිරිය ගුවන් පාලම විවෘතයි


කොළඹ පවතින මාර්ග තඳබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු රාජගිරිය ගුවන් පාලම ලබන 08 වනදා විවෘත කිරිමට නියමිතව තිබේ. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව ජනාධිපති මාධ්‍ය  අංශය සදහන් කළේය.

පාලමේ ඉදිකිරිම් කටයුතු මෙම වසර අවසානයේ ඉදිකර අවසන් කිරිමට නියමිතව තිබුණ ද එහි කටයුතු මාස 11ක් වැනි කාළයක් තුළ අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ. මංතීරු හතරකින් සමන්විත මෙම ගුවන් පාලම දිගින් මිටර් 534ක් වන අතර මීටර් 180ක පිවිසුම් මාර්ගයකින් ද සමන්විතයි.

ස්පාඤ්ඤ සමාගමක් සහ දේශිය සමාගමක් එක්ව 2016 වසරේ මෙම ගුවන් පාලමේ ඉදිකිරිම් අරම්භ කළ අතර ඒ සඳහා රුපියල් මිලියන 4700ක් වැය කර ඇති බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad