මෙසේ තහනමට ලක්වූ නිලධාරීන් අතර ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු සභාපති කපිල කුමාර ද සිටින අතර, මුදල් අවභාවිතය ඇතුළු දූෂණ වංචා චෝදනා රැසක් හේතුවෙන් ජීවිතාන්නතය දක්වා සියළු ක්‍රීඩා වලින් තහනමක් ලබා තිබේ.
තහනමට ලක්වූ කායවර්ධන සම්මේලනයේ අනෙකුත් නිලධාරීන් ත්‍රිත්වය වන ප්‍රසන්න පීරිස්, වසන්ත ප්‍රනාන්දු හා රනිල් සම්පත් යන අයවලුන් හට වත්මන් සභාපතිවරයාට එරෙහිව කටයුතු කිරීම හා සිය ධූර කාලය තුළ මුදල් අවභාවිතා කිරීමට යන චෝදනා මත දෑ අවුරුදු තහනමක් ලබා තිබේ.
ෆොනීගේ ගෝලයා !
මේ අතර, නිසි පරිදි ගිණුම් වාර්තා ලබානොදීම හා ඍජුව ක්‍රීඩා පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ හිටපු නිලධාරීන් දසදෙනෙකුට අවුරුදු 10ක තහනමක් පනවා තිබේ. කපිල කුමාර මහතා වර්තමානයේ කැලණිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර ඔහු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ඉතා කිට්ටුවන්තයක් බවද පැවසේ.

No comments:
Post a Comment