ලොව ළාබාලතම ලේඛකයා ජනපති හමු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 5, 2018

ලොව ළාබාලතම ලේඛකයා ජනපති හමු වෙයි




පොතක් ලියා පළ කළ ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් පොතට එක් වූ තනුවක සේරසිංහ දරුවා අද (05) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
සිය දෙමව්පියන් සමග සීෂෙල්ස් හි පදිංචි මෙම දරුවා "Junk Food" නැමති ඉංගී්‍රසි ග්‍රන්ථය රචනා කරන විට ඔහුගේ වයස අවුරුදු 04 යි දින 356 කි.මෙම ග්‍රන්ථය රචනා කිරීමට ඔහුට ගතව ඇත්තේ දින 03 ක කාලයක් වීමද විශේෂත්වයකි.
දරුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔහුට තිළිණයක් ද පිළිගැන්වූ අතර ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන්  සිය ආශිර්වාදය පළ කළේය. සීෂෙල්ස්හි ශ්‍රී ලංකා තානාපති ටිකිරි හේරත් ගුණතිලක මහතා සහ දරුවාගේ දෙමව්පියන් වන තුසිත සේරසිංහ, අප්සරා සේරසිංහ යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

No comments:

Post a Comment

Post Bottom Ad