පසුගිය කාලයේ වනජීවී නිලධාරීන් වල් අලි ගමන් කරන දිශාවන් හඳුනාගැනීමට අලින්ට පැළඳූ ගැජට්ටුවට සමාන ක්‍රියාකාරීත්වයෙන් යුතු මෙම උපකරණය වාහනයක් තිබෙන ස්‌ථානයක් දැන ගැනීමට අමතර, කොපමණ වේලාවක් නතර කර තිබේද ගමන් කරන දිශාව කොහිද මේ වෙලාවේ යන්නේ කොහාටද ආදී රහස්‍ය විස්තර පවා ලබාදීමට සමත්ය. පොලිසියට මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කීපයකට මෙම දත්ත විමසිය හැති අතර මෙමගින් ලියාපදිංචි වාහන සොරකම් කිරීම් අවම කිරීමට මෙන්ම අපරාධ විමර්ශනයේදී අතිශය වාසිදායි දත්ත ලබාගැනීමට හැකිවනු ඇත,
"මෙය 1948 එක්‌සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශයට මුළුමනින්ම විරුද්ධය. ඒ වගේම 1966 සිවිල් අයිතිවාසිකම් හා දේශපාලන ප්‍රඥප්තියට මුළුමනින් විරුද්ධයි. මේ ප්‍රඥප්ති දෙකටම අපි අත්සන් තබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිවිල් නීතියේ දිලික්‌ක නීතිය යටතේ මීට විරුද්ධව අධිකරණයට යා හැකියි. යම් පුද්ගලයකු අපරාධකරුවකු හෝ සැකකරුවකු නම් අධිකරණ නියෝගයක් ලබාගෙන මෙසේ ඔහු යන එන ගමන් පරීක්‍ෂා කළ හැකියි. එසේ නොමැතිව මෙවැනි දේ කරන්න බැහැ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය විසින් සිංහ රත්නතුංගට එරෙහිව පැවරූ නඩුවේදී අධිකරණය පෞද්ගලිකත්වය පිළිබඳව පැහැදිලිව තම මතය පැවසුවා. මේ වගේ නව නීති ගෙන එන අය රටේ ව්‍යවස්‌ථාව හෝ නීතිය දන්නේ නැහැ. මෙය තනිකරම රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක්"
No comments:
Post a Comment