ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඩුබායි වෙත ගොස් ඇතැයි ආරංචි මාර්ග පවසයි. ඒ සඳහා ඔහුගේ නීතිඥයාද එක්ව සිටින බවද වාර්තා වෙයි. මීට දින කිහිපයට පෙර ප්‍රමෝද්‍ය රසිංහ මහතා තරග පාවාදීම් පිළිබඳ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සනත් ජයසූරිය මහතාට කැඳවීමක් ලැබී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට දින කිහිපයට පෙරාතුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ දූෂණ විරෝධී පරීක්ෂණයක් ආරම්භ කළේය. අමෙහිදී ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා හා ලේකම් මොහාන්ද සිල්වා යන අයගෙන් ප්‍රකාශ ලබාගැනීමට අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකය කටයුතු කර ඇති බවද වාර්තාවෙයි.
No comments:
Post a Comment