හිටපු අගවිනිසුරුගේ පළාත් සභා පෙත්සම විභාගයට නොගෙනම ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 10, 2017

හිටපු අගවිනිසුරුගේ පළාත් සභා පෙත්සම විභාගයට නොගෙනම ඉවතට


පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත කොට්ටාශ මට්ටමින් පැවැත්වීම සම්මත කර ඇති ක්‍රමවේදය නීතියට පටහැනි බවට තීන්දුකරන ලෙස ඉල්ලා හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නයැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ  මූලික විරෝධතා මතුකර තිබේ.

අදාල පෙත්සමෙ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවෙනක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පෙත්සම තුළින් කරුණු වසන් කිරීමට මෙන්ම විකෘති කිරීමටද පියවර ගෙන ඇතැයිද පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතක් ගැන අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට නොහැකි බවද කියා සිටියේය. 

මේ හේතුවෙන් අදාල පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලීය. ජනාධිපති නීතිඥ එම්, ඒ. සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ පනතක් පිළිබඳ අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි බවට පෙත්සම්කාර සරත් එන් සිල්වාද අගවිනිසුරු ලෙස කටයුතු කළ අවධියේ තීන්දුවක් ලබාදී තිබූ බව සිහිපත් කළේය. ඒ අනුව මෙම පෙත්සම විභාගයට නොගැනීමට තීරණය විය.

No comments:

Post a Comment

Post Bottom Ad