ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා අපේක්ෂකත්වය ඉල්ලා එවා ඇති දහස් සංඛ්‍යාත අයදුම්පත් තොගය අතර තිබුණු විශේෂිත අයදුම්පතක් අද නෙඵම් මාවත කාර්යාලයේ නිලධාරීන්ට හමුව ඇත.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකත්ව අයදුම්පත‍්‍රය සමග පක්ෂ සාමාජික කාඞ්පතෙහි පිටපතක්, ජාතික හැදුණුම්පතේ පිටපතක් සහ උප්පැන්න සහතිකයේ පිටපතක් එවීම සාමාන්‍ය තත්වයයි. නමුත් මේ විශේෂිත අයදුම්පත සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබා ගන්නා ලෙස ඉල්ලමින් පක්ෂ මහලේකම්වරයාගේ අත්සනින් ලැබුණු ආරාධනා ලිපිය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන අපේක්ෂකත්ව අයදුම්පතද අමුණා තිබුණි.
එම ලිපියෙහි සහ අයදුම්පතෙහි ”ප‍්‍රතික්ෂේප කරන ලදී ” යනුවෙන් ලියා ඔහු විසින් අත්සන් කර තිබීම විශේෂත්වයකි. මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් පසුගිය නිල කාලය සදහා තේරීපත්ව සිටි හිටපු පළාත් පාලන නියෝජිතයන්ගෙන් 95% කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉල්ලූම්පත් එවා තිබේ.
– slpp media
Thursday, October 26, 2017

‘එක මිටට-අලි අතට’ විලි ලැජ්ජාවයි.. පොහොට්ටුවෙන් නාමයෝජනා අතරේ අමුතු අයදුම්පතක්..
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment