Exclusive : බොදුබල සේනා සංවිධානය හදිසියේ පොලිස් මූලස්ථානයට ගිහින් ඇවිත් හෙළිකළ දේ - VIDEO - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 19, 2017

Exclusive : බොදුබල සේනා සංවිධානය හදිසියේ පොලිස් මූලස්ථානයට ගිහින් ඇවිත් හෙළිකළ දේ - VIDEO

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (19)  පෙරවරුවේ පොලිස් මූලස්ථානය වෙත වැඩම කරනු ලැබුවා. ඒ ආගමෙන් උගන්වන ජාතිවාදය වපුරන මුස්ලිම් මැති ඇමතිවරුන්ට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

විවිධ ස්වරුපයෙන් නඩත්තු කරන ජාතිවාදී සහ අන්තවාදී කල්ලි කණ්ඩායම් පිළිබඳව සොයා බලලා වහාම මේ රටේ නීතිය මේ මුස්ලිම් ඇමතිවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් එරෙහිව ක්‍රියා කරන ලෙසට පැමිණිලි කළ බවයි ඥාණසාර හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසුවේ. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඥාණසාර හිමියන් මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.


No comments:

Post a Comment

Post Bottom Ad