දිස්ත්‍රික්ක 4කට නාය යෑමේ අවදානම නිකුත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

දිස්ත්‍රික්ක 4කට නාය යෑමේ අවදානම නිකුත් කරයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට නාය යාම් අවධානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව රත්නපුර, කෑගල්ල, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා එම නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් සේවා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර මහතා සඳහන් කළේ.

දිවයිනට බලපෑ ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හොත් ගංවතුර අවදානමක් පැවතිය හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා. ඒ හේතුවෙන් කැළණි, කළු, නිල්වලා ගංගා ආශ්‍රිත පහත් බිම්වල වාසය කරන ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවයි ඇය සඳහන් කරන්නේ.මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ ගාල්ල නගරයට පැමිණෙන මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.


එමෙන්ම නාගොඩ, නෙළුව, තවලම, බද්දේගම, නියාගම ආදී ප්‍රදේශ කිහිපයක පහත් බිම් ජලයෙන් යටවී ඇති බව සඳහන්. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිය ඇළිවල ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් දිය ඇළි සහ ජලාශ භාවිත කරන පිරිස අවදානයෙන් කටයුතු කළ යුතු බවටයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ අතර අද දිනයේදී මිලිමීටර 150 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad