ශෂී වීරවංශගේ හැඳුනුම්පත හා ගමන් බලපත්‍රය අධිකරණයේ සේප්පුවෙන් අතුරුදන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

ශෂී වීරවංශගේ හැඳුනුම්පත හා ගමන් බලපත්‍රය අධිකරණයේ සේප්පුවෙන් අතුරුදන්

විමල් වීරවංශ මහතාගේ බිරිඳ, ශෂී වීරවංශ මහත්මිය අධිකරණයට බාර දුන් විදෙස් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇතැයි අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී හෙළිව තිබෙනවා. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් බව වාර්තාකරු සඳහන් කළා. 

විදෙස් ගමන් බලපත්‍රයේ හා ජාතික හැඳුනුම්පතේ සඳහන් උපන් දින වෙනස් වීම හේතුවෙන් ගොනු කෙරුණු නඩුවකට අදාළව ශෂී වීරවංශ මහත්මිය එම ලේඛන අධිකරණයට බාරදී තිබුණා. ශෂී වීරවංශ මහත්මියට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්  එම ලේඛන පරේක්ෂා  කිරීම සඳහා ප්‍රධාන රෙජිස්ටාර්වරියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත් එහි දී ඇය එම නිලධාරීන්ට දන්වා ඇත්තේ එම ලේඛන තැන්පත් කළ අයත් සේප්පුවේ ඒවා නොමැති බවටයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ අද අධිකරණයට වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳ වහා සොයා බලා එම ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අධිකරණ ප්‍රධාන රෙජිස්ටාර්වරියට නියෝග කර තිබෙනවා.

නඩුව ලබන 31වනදා යළි කැඳවීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad