දියණිය වසර 10ක් දූෂණය කළ පියාට දුන් බරපතල දඬුවම සමාජ ආදර්ශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

දියණිය වසර 10ක් දූෂණය කළ පියාට දුන් බරපතල දඬුවම සමාජ ආදර්ශයක්

වයස අවුරුදු 5 සිට වයස අවුරුදු 15 පමණ දක්වා  කාලයේ දී  දියණිය ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන පියෙකු  බරපතල වැඩ සහිතව වසර 45ක සිරදඩුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. දියණියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් මෙන්ම රුපියල් තිස් දහසක දඩයක් ගෙවන ලෙසටයි විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම පුද්ගලයාට නියෝග කරනු ලැබුවේ.

වන්දි මුදල් හෝ දඩ මුදල් නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිතව තවත් වසර 6ක සිර දඩුවමක් හිමිවන බවයි අධිකරණය දන්වා ඇත්තේ. විවෘත තීන්දුවක් ලබා දෙමින් විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ, දියණියගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අනාවරණ නොකරන ලෙසටයි.

දියණිය වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුනේ, මෙවන් අපරාධ තවදුරටත් නොවන්නට  උපරිම දඬුවමක් ලබා දෙන ලෙසයි. අධිකරණය ලබා දුන් දඬුවම සමාජ ආදර්ශයක් බව නීතිඥයන් පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad