ඉඩම් ඇමැති “නෑ“ කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

ඉඩම් ඇමැති “නෑ“ කියයි

ඉඩම් ඇමැති “නෑ“ කියයි

තමන් කිසිදු ආකාරයට තනතුරු ඉල්ලා නොමැති බවත් කිසිදු ලෙසකින් ජනමාධ්‍යයට බලපෑමක් නොකර මාධ්‍ය නිදහස තහවුරු කිරීමට ජනමාධ්‍ය අමාත්‍යවරය ලෙස කටයුතු කළ බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (25) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“කිසිම අවස්ථාවක ජනාධිපතිතුමාගෙන් තනතුරක් ඉල්ලා සිටියේ නෑ.ප්‍රවෘත්තිය පළ කරන විට අමාත්‍යවරයා හැටියට විමසීමක් කිරීමට තිබුණා. මාධ්‍ය නිදහස ස්ථාපිත කරලයි ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් එළියට ආවේ. අපි ජනමාධ්‍ය අමාත්‍යාංශය විදියට විශාල වැඩකොටසක් සිදු කළා.“

“දැන් ලැබී තිබෙන අමාත්‍යාංශය ජනතාව අතරට ගොස් සේවය කළ හැකි අමාත්‍යාංශයය්ක්. මටත් අවශ්‍යව තිබුණා තවදුරටත් ජනතාව අතරට ගොස් සේවය කිරීමට. ලැබුණු ඉඩම් අමාත්‍යාංශයෙන් ඒ අවස්ථාව ලැබුණා“ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

කෙසේවෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශය සතු ආයතන තුනක් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතට පවරන්නැයි ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බවයි.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, රජයේ මුද්‍රණාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව තම අමාත්‍යාංශය යටතට පත් කරන ලෙස අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad