සෙල්ෆි ගසා – ෆේස්බුක් LIVE දී ජවිපේත් පෙරටුගාමීනුත් කුණුකන්දෙන් ආතල් ගනී! – ආතල් ගන්න එන්න එපා – ජනතාව ඉල්ලයි! (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 17, 2017

සෙල්ෆි ගසා – ෆේස්බුක් LIVE දී ජවිපේත් පෙරටුගාමීනුත් කුණුකන්දෙන් ආතල් ගනී! – ආතල් ගන්න එන්න එපා – ජනතාව ඉල්ලයි! (Exclusive)

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා මීතොටමුල්ල කුණු කන්ද නායයාම සිදුවූ ප්‍රදේශය අවට සැරිසරමින් සෙල්ෆි ජායාරූප රැගෙන සමාජජාල මාධ්‍ය ඔස්සේ පළ කරමින් “මීතොටමුල්ලට එන්න” යනුවෙන් දක්වා ඇති අදහසක් පිළිබඳව සමාජජාල මාධ්‍ය තුල දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයින් රැසක් පසුගිය දින කිහිපය පුරාම එම ප්‍රදේශ වල සැරිසරමින් සෙල්ෆි ජායාරූප, ෆේස්බුක් Live වැනි දෑ සමාජජාල ගත කරමින් තමන් මේ ජනතාව සමඟ සිටින බව පෙන්වන්නට යාම නිසා මෙම ව්‍යවසනය පිළිබඳ වැරදි අදහසක් සමාජගත වෙමින් පවතී. වරින් වර කුණුකන්දෙන් ඉවතට ගැනෙන මල සිරුරු ෆේස්බුක් හරහා සමාජගත කිරීමට තවත් කණ්ඩායමක් කටයුතු කරමින් සිටී.

බරපතල ගනයේ ඛේදවාචකයක් ඇතිවී තිබෙන අවස්ථාවක සන්නද්ධ හමුදා සාමාජිකයින් විපතට පත් ප්‍රදේශ වලට පැමිණීම සාමාන්‍ය දෙයක් වන අතර ඔවුන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබයි. නමුත් පෙරටුගාමීන් හමුදාව පැමිණීමටද සිය විරෝධය පළ කර ඇති අතර ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමේ වැයමක නියැලී සිටී. කුණු කන්දෙන් පීඩාවට පත් ජනතාව ගලවා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන නිසා එම කටයුතු වලට බාධාවක් නොවන ලෙස සිය දේශපාලන කටයුතු සිදුකරගන්නා ලෙස අපි ජවිපේ සහ පෙරටුගාමී සහෝදරයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.


No comments:

Post a Comment

Post Bottom Ad