කුණු කන්දේ විපතට වගකිවයුතු ඇමතිවරුන් අවුරුදු පාටි මහ ඉහලින් දමති.. චම්පිකගේ බංගලාවේ රාත්‍රි අවුරුදු පාටියක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 17, 2017

කුණු කන්දේ විපතට වගකිවයුතු ඇමතිවරුන් අවුරුදු පාටි මහ ඉහලින් දමති.. චම්පිකගේ බංගලාවේ රාත්‍රි අවුරුදු පාටියක්..

කොළඹ අගනුවර කුණු ප්‍රශ්නයක් නිසා කොලොන්නාව මීතොටමුල්ල පදිංචි අහිංසක ජනතාවට මහා විනාශයක් කරමින් මේ වනවිට ජීවිත ගනනක් අහිමි වී තවමත් නිශ්චිතව සිදු වූ ජීවිත හානි ගනන හරියට ගනනය කිරීමට නොහැකිව තිබියදි, කොළඹ දිස්ත්‍රික් ජනතාවගෙන් කොටසක් ඉතා පිඩාවට පත්ව ඇති අවස්ථාවක රජයේ මැති ඇමතිවරුන් විසින් පවත්වන අලුත් අවුරුදු පාටිවල කිසි අඩුවක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි.

මෙවැනි මහා විපතක් ආණ්ඩුවේ වරදින් සිදු වූ අවස්ථාවක අවම වශයෙන් රජය ශෝක කාලයක් ප්‍රකාශයට පත්කොට විපතට පත්වූවන්ට පුලුවන් ආකාරයෙන් සහන සලසවන ලෙසත් හැකිතාක් දුරට උත්සව මෙන්ම සාද පැවත්වීමේන් වැලකී සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටීමයි. එහෙත් වෙනුවට රජයේ අමාත්‍යවරුන් වෙත ලබාදි ඇති කොළඹ 07 පිහිටි නිල මන්දිරවල අලුත් අවුරුදු රාත්‍රි පාටි දැමීම කොතෙක් දුරට යුක්ති සහගත ද යන්න ජනතාව අනාගතයේදි තීරණය කරනු ඇත.

16 රාත්‍රියේ දි කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි මෙගා පොලිස් අමාත්‍යවරයාගේ නිල මන්දිරයේ එවැනි විශාල අලුත් අවුරුදු සාදයක් පැවති අතර එහි ගිය රජයේ උසස් නිලධාරින්ට මෙන්ම ආරාධිත අමුත්තන් වෙනුවෙන් සංග්‍රහ කිරීමට විදේශීය මත්පැන්වලින් පිරි ඉතිරී තිබුනි. නමුත් එහි ගිය අමුත්තන් බොහෝ දෙනෙකු තැන තැන කතා බහ වුනේ මීතොටමුල්ල ඛේදවාචකයට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයකු වන මහානගර නිර්මාණ සහ නාගරික සංවර්ධන අමාත්‍ය චම්පික රණවක වැන්නන් රටේ මෙතරම් විශාල විපතක් සිදුව ඇති අවස්ථාවක කෙසේ මේ ආකාරයෙන් ප්‍රිය සම්භාෂණ පවත්වමින් ප්‍රිති වන්නේ ද යන්නයි.

එමෙන්ම බස්නාහිර පාලත් සභාවේ මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා ද ප්‍රකාශ කොට ඇත්තේ මීතොටමුල්ල කුණු කන්ද ප්‍රශ්නයට කෙලින්ම වගකිවයුත්තා චම්පික රණවක අමාත්‍යවරයා බවයි.

– මෙහෙවු රටේ FB

No comments:

Post a Comment

Post Bottom Ad