මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුණේ නෑ- පිපිරීමක් සිදු වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 17, 2017

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුණේ නෑ- පිපිරීමක් සිදු වෙලා

මීතොටමුල්ලේ සිදුවීම කුණු කන්ද කඩා වැටීමක් ලෙස ඇතැම් සිංහල ජන මාධ්‍ය වලින් වාර්තා කළද එය ඊට වඩා බරපතල නාය යාම් තත්වයක් බව භූ විද්‍යාඥයෝ පවසනවා.

කසළ කඳු කඩා වැටීම භෞතික නියමයන් මත සිදුවන්නක් වුවද මෙම නාය යාම් තුළ ඒවා අභ්‍යන්තයේ සිදුවන බරපතල ජෛව රසායනික ක්‍රියාවක් ඇති බව ඔවුහු වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා. එක් වරම ගිගුම් හඩක් නැඟීමත් විශාල පිපිරීමක් සිදු වීමත් ඒ සමඟම එම කුණු කන්දේ ස්ථරයන් අධික වේගයෙන් පහළට ගලා ඒමත් මෙහිදී සිදුවේ. මීතොටමුල්ල කුණු කන්දේ පිපුරුමේදීද එමවනිම සිදු වීමක් අත්දුටු බව ප්‍රදේශවාසීහු සඳහන් කළා.

මෙම කුණු කඳු නාය යාම (Rubbish dump landslide) ලෝකයේ බෙහෝ රට වල සිදුවන අතර අවසන් වරට මෙවනි දරුණු කසළ කඳු නාය යාමක් සිදුවී ඇත්තේ පසුගිය මාර්තු 12දා ඉතියෝපියාවේ අගනුවර අඩිස් අබාබා නගරයේදීය. මෙම අපදාවෙන් පුද්ගලයන් 113ක් මිය ගොස් තිබෙනවා. කෙසේ හෝ මෙම කුණු කන්ද ආශ්‍රිතව කිනම් මෙහොතක හෝ නැවත මෙවනි පිපිරීමක් සහ නාය යාමක් සිදුවීමේ යම් හැකියාවක් ඇති බව භූ විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.

එහෙත් මෙවා පිළිබඳව අපේ රටේ බොහෝ දෙනෙකු නෙදැන සිටීම මෙහි බරපතල බව වැඩි කරන්නක් බවද ඔවුහු පෙන්වා දෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad