දක්ෂිණ අධිවේගයෙන් වාර්තාගත ආදායමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 17, 2017

දක්ෂිණ අධිවේගයෙන් වාර්තාගත ආදායමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ඊයේ(16) දිනයේ වාර්තා වී තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසුවේ ඊයේ (16) දිනයේ රුපියල් කෝටි 2.15ක ආදායමක් උපයා ඇති බවයි.

ඊයේ (16)දිනය තුළ පමණක් රථ වාහන 72,000ක් එම මාර්ගය භාවිත කර ඇත. අප්‍රේල් මස හත්වනදා සිට 16 වනදා දක්වා කාලය තුළ දක්ෂිණ අදිවේගී මාර්ගයෙන් රුපියල් කෝටි 23ක පමණ ආදායමක් උපයා ඇති බව ඇති බව එස්.ඕපනායක මහතා කියා සිටියේය. එම කාලය තුළ රථ වාහන 7 50,000ක සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කර ඇති බව ඔහු සඳහන් කරයි.

මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉපයූ ආදායම සියයට 25කින් වැඩි වී ඇති බව ද වාර්තා වේ. නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව එම මාර්ගය භාවිත කළ රථ වාහන සංඛ්‍යාවද සියයට 20කින් පමණ වැඩි වී ඇති බවය.

No comments:

Post a Comment

Post Bottom Ad