රටේ විපතක් වූ අවස්ථාවක රජයේ නිලධාරින දක්වන දායකත්වය ඉතා පහල මට්ටමේ පැවතීමට ප්‍රධාන හේතුව දේශපාලන නායකත්වය විසින් දෙනු ලබන තීරණයන් ක්‍රියාත්මක කිරීමට ගොස් අනාගතයේදි FCID පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය හරහා රිමාන්ඩ් ගත වෙයි යන බිය නිසා එම නියෝග මගහැර යාමේ ප්‍රතිපත්තියකට රජයේ නිලධාරින් පැමිණ ඇති නිසා බව වාර්තා වෙයි.
පසුගිය කාලයතුල රජයේ නිලධාරින් අති විශාල පිරිසක් FCID වෙත කැදවා ප්‍රශ්න කිරීම මෙන්ම අමාත්‍යාංශයවල හිටපු ලේකම්වරුන් කිහිප දෙනෙකුම මාස ගනනක් රිමාන්ඩ් ගත කොට තැබිම, හේතුවෙන් සමස්ථ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරින් ඉහළ සිට පහළට දේශපාලන නායකත්වය දෙන තීරණයන් සමහර අවස්ථාවන්වල ගනන් නොගන්නා තත්ත්වයකට පත්ව ඇති අතර බොහෝ අවස්ථාවන් වල ජනාධිපතිවරයා සහභාගිවන රැස්වීම් පවා මග හැර තීරණයන් ගැනීමට නොහැකි කනිෂ්ඨ නිලධාරියකු එම රැස්වීමට සහභාගි කරවීම වනවිට පුරුද්දක් කරගෙන සිටී.
පසුගිය කාලයේදී සිදු වු කොස්ගම ශාලව යුද හමුදාවේ අවි ගබඩාව පුපුරා යෑම නිසා මෙන්ම අරනායක සමසර කන්ද නායා යෑම නිසා ජනතාවට වූ දේපල හානිය වෙනුවෙන් තවම නිසියාකාරව වන්දි ගෙවා නැති බැව් එම ප්‍රදේශවාසින් විසින් අදාළ බලධාරීන් වෙත නිතරම පැමිණිලි කරයි.
Monday, April 17, 2017
Home
අනාවරණ
හිරේ යවනවාට බයේ රජයේ නිලධාරින් මිනි පෙට්ටි වවුචර පවා අත්සන් නොකරයි.. කොස්ගම සාලාව, අරනායක සාමසරකන්ද මෙතෙක් වන්දි ගෙවා නෑ..
හිරේ යවනවාට බයේ රජයේ නිලධාරින් මිනි පෙට්ටි වවුචර පවා අත්සන් නොකරයි.. කොස්ගම සාලාව, අරනායක සාමසරකන්ද මෙතෙක් වන්දි ගෙවා නෑ..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment