කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අයිති ඉඩම් කැබලි දෙකක් , විදේශිය පෞද්ගලික සමාගම් දෙකක් සදහා බදු දීමට රජය තීරණය කර තිබෙනවා.ඒ කාමර 100 ක් සහිත තරු පන්තියේ හෝටල් දෙකක් ඉදිකිරීම සඳහායි.
මැලේසියාව හා සිංගප්පූරුව යන රටවල පෞද්ගලික සමාගම් දෙකකට මෙලෙස ඉඩම් බදු දීමටයි රජය තීරණය කර ඇත්තේ.කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිත කරනු ලබන ගුවන් මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එම මගීන්ගේ නවාතැන් පහසුකම් සම්පූර්ණ කිරීම සඳහා රජය මෙම තීරණය ගෙන ඇත.
වසර 40 ක බදු පදනම මත මෙම ඉඩම් කැබලි දෙක පෞද්ගලික සමාගම් දෙකක් සදහා බදු දීමට නියමිතව ඇති අතර ඒ සම්බන්ධයෙන් රජය අවසන් තීන්දුවකට පැමිණ ඇති බව දැන ගන්නට ලැබෙනවා. මෙම හෝටල් දෙක ඉදිකිරීම සඳහා අදාළ පෞද්ගලික සමාගම් දෙක රජය විසින් තෝරාගෙන ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදිය.
lankanewsalert.com
Monday, April 17, 2017
කටුනායක ඉඩම් හතළිස් අවුරුදු හා බදු දෙයි …කොටහක් සිංගප්පූරුවට …ඉතිරිය මැලේසියාවට
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment