ලෝකයේ වඩාත්ම ආගමික නැඹුරුවක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවට සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
වොෂින්ටනය මූලස්ථාන කරගත් ගැලප් සමාගම විසින් 2008, 2009 සහ 2015 යන වසර වල රටවල් හැට පහක වැසියන් යොදා ගනිමින් මෙහෙයවනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල සැලකිල්ලට ගත් ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කළේ සමීක්ෂණයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් 99% ක් ම ආගමික නැඹුරුවක් සහිත පුද්ගලයන් බවට කරුණු හෙළිව ඇති බවය.
එක් එක් රටවල තෝරාගත් වැසියන් පිරිසකගෙන් ආගමික නැඹුරුව සම්බන්ධයෙන් විමසා බලා එක්රැස් කරගත් තොරතුරු වලට අනුව එම වාර්තාව සකස් කොට තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව, ඉතියෝපියාව, මලාවි, නයිජර් සහ යේමනය යන රටවල වැසියන්ගෙන් 99% ක්ම පවසා තිබෙන්නේ තමන් සිය ආගමට ලැදියාවක් දක්වන බවය.
ඒ අතර බුරුන්දි, සෝමාලියාව, ජිබූටි සහ මුරුතේනියාව ආගමික නැඹුරුව 98%ක ප්‍රතිශතයක් පෙන්නුම් කළ රටවල් වශයෙන් වාර්තාගතව තිබේ. ආගමික නැඹුරුව අතින් දකුණු දිග යුරෝපයේ ඉතාලිය 74% සහ ග්‍රීසිය 71% වශයෙන් වාර්තා වී ඇති නමුත් බ්‍රිතාන්‍ය ජනතාවගෙන් ආගමික නැඹුරුවක් පෙන්නුම් කර තිබෙන්නේ 30%ක ප්‍රතිශතයක් පමණි.
ලොව පහලම ආගමික නැඹුරුවක් දක්වන රට වශයෙන් චීනය හඳුනාගෙන ඇති අතර චීන ප්‍රජාවෙන් ආගම වෙනුවෙන් නැඹුරුවක් ප්‍රදර්ශනය කොට ඇත්තේ 7%ක ප්‍රතිශතයක් පමණයි. ඊට අමතරව ජපානය, එස්තෝනියාව, ස්වීඩනය, නොර්වේ සහ චෙක් ජනරජය ලොව පහලම ආගමික නැඹුරුවක් පෙන්නුම් කරන රටවල් බවත් සමීක්ෂණයෙන් හෙළි වේ.
කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් ලෝකයේ තරුණ පරපුර ආගමික නැඹුරුව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන බව පෙන්වාදෙන සමීක්ෂණ වාර්තාව, අනාගතයේ රටවල ආගමික නැඹුරුවක් දක්වන ප්‍රතිශතය ඉහල යා හැකි බවට අනාවැකියක් ද පළ කරයි.
BBC සිංහල සේවය ඇසුරිනි.
Monday, April 17, 2017
ආගමික නැඹුරුව: ශ්‍රී ලංකාව ලොව පළමු තැනට!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment