මාධ්‍යවේදීන්ට සහන සැලසීමට කැබිනට් අනුකාරක කමිටුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 13, 2017

මාධ්‍යවේදීන්ට සහන සැලසීමට කැබිනට් අනුකාරක කමිටුවක්

ශ්‍රී ලංකාවේ දේශපාලන නිදහස හා ජනතා පරමාධිපත්‍යය බරපතළ පරිහානියකට ලක් වූ 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා  වන වසර දහයක කාලය තුළදී අසාධාරණයට ලක්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමට කටයුතු කිරීම යහපාලන රජයේ ප්‍රධාන පොරොන්දුවක් විය.

එම වගකීම ඉටු කරමින්  එම කාලවකවානුව තුළ ඝාතනයට හා පැහැරගැනීම් වලට ලක්වූ සහ විවිධ හිරිහැර, පීඩාවන්ට මුහුණ දීමට සිදුවූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව කමිටුවක් පත්කිරීමට වත්මන් රජය විිසින් කටයුතු කරන ලදී.

එම කමිටුවේ නිර්දේශ තවදුරටත් පුළුල් කිරීම හා යෝජනා ඉදිරිපත් කිරීමට මෙතෙක් නොහැකි වූ අයට හා සංවිධානවලට යළිත් අවස්ථාවක් ලබාදීම සඳහා කැබිනට් අනුකාරක කමිටුවක් මේ වන විට පත් කර ඇත. දේශපාලන නිදහස මෙන්ම මාධ්‍ය නිදහස දැඩි ලෙස අභියෝගයට ලක්වූ එම කාලයේදී තම ජීවිතය පවා කැපකරමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ඔවුන්ට සිදුවූ අසාධාරණයන් වෙනුවෙන් සහන සැලසීම සඳහා නොපමාව කටයුතු කිරීම මෙම කැබිනට් අනුකාරක කමිටුවේ අරමුණ වේ.  

ඒ අනුව, එම වකවානුව තුළ ඝාතනයට, පැහැරගැනීමට, පහරදීම්වලට මෙන්ම නොයෙකුත් පීඩාවන්ට ලක් වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් පිළිබඳව ඉල්ලීම් කැඳවීමට මෙම කැබිනට් අනුකාරක කමිටුව විසින් කටයුතු යොදා ඇත. අදාළ යෝජනා හා ඉල්ලීම් 2017 මැයි පළමුවනදිනට පෙර පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට දැනුම් දෙන මෙන් දන්වා සිටී.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්,
(කැබිනට් අනුකාරක කමිටුවේ ලේකම්)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
අංක 163, කිරුළපන මාවත, කොලඹ 05.ෆැක්ස්: 0112514753 / විද්‍යුත් තැපැල් ලිපිනය: ranga@dgi.gov.lk

No comments:

Post a Comment

Post Bottom Ad