චිත‍්‍රපට නළු බොනිෆස් ප‍්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

චිත‍්‍රපට නළු බොනිෆස් ප‍්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

චිත‍්‍රපට නළු බොනිෆස් ප‍්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

60 දශකයේ විත‍්‍රපට නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ බොනිෆස් ප‍්‍රනාන්දු මහතා ඊයේ (14) අභාවප්‍රාප්ත විය. 

මිය යනවිට 83 වැනි වියේ පසු වු ඒ මහතා පස්දරු පියෙකි. 

1956 දී තිරගත වූ සිරිමලී චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපනය කරමින් සිනමාවට පිවිසි ඒ මහතා චිත‍්‍රපට 35 ක පමණ රංගනයට එක්වී ඇත. සුහද දිවි පිදුම, සුවිනීත ලාලනී, ශිරානි,  සුදු සඳේ කළු වළා සහ සුදෝ සුදු ඉන් කිහිපයකි.

ශිරානි චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇති ඒ මහතා තවත් චිත‍්‍රපට කිහිපයක සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් ද කටයුතු කර ඇත. චිත‍්‍රපටවලට අමතරව 80 දශකයේ විකාශනය වු පුර්ණිමා, ඡායා, ලෝගුව  යන ටෙලි නාට්‍යවල ද බොනිෆස් ප්‍රනාන්දු රංගනයෙන් එක්වී ඇත.

2013 වසරේ සිට රෝගාතුර ව සිටි ඒ මහතා  සිය කටානේ නිවසේ දී මිය ගිය අතර දේහය පහළ මඩම්පැල්ල, අකරගම, අංක 77/20 නිවසේ තැන්පත්කර තිබේ. අවසන් කටයුතු 18 වැනි සෙනසුරාදා පස්වරුවේ  මඩම්පැල්ල රෝමානු කතෝලික සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය. 

 

No comments:

Post a Comment

Post Bottom Ad