ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට‍ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට‍

ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට‍

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ධුරයට උසස්‌ කර ඇත.

ජාතික පොලිස්‌ කොමිසම මගින් මෙම උසස්‌වීම ලබා දී ඇති අතර එම තනතුර ඉකුත් 2016 වර්ෂයේ අගෝස්‌තු 25 වැනි දින සිට ක්‍රියාත්මක කෙරේ.

පසුගිය කාලසීමාවේදී රටේ මහත් ආන්දොaලනයට තුඩුදුන් අපරාධ ගණනාවක්‌ සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණ මෙහෙයවනු ලැබුවේ ශානි අබේසේකර මහතා විසිනි. 

රෝයල් පාර්ක්‌හිදී තරුණියක ඝාතනය කිරීමේ සිද්ධිය, අඟුලානේදී තරුණයන් දෙදෙනකු මරා දැමීම, මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන සහ පුත්‍රයාට එරෙහි පරීක්‍ෂණය, සන්ඩේ ලීඩර් කර්තෘ ඝාතන පරීක්‍ෂණය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මරා දැමීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ ඇතුළු මහත් ආන්දෝලනයට තුඩුදුන් පරීක්‍ෂණ රැසක්‌ ශානි අබේසේකර මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි.

1985 වර්ෂයේදී ආධුනික උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ලෙස පොලිස්‌ සේවයට එක්‌වූ ශානි අබේසේකර මහතා පසුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායට බැඳී නැගෙනහිර පළාතේ කොටි ත්‍රස්‌තයන් පලවාහැරීමේ සටනට එක්‌ව සිටි දක්‍ෂ නිලධාරියෙකි. හෙතෙම ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad