ෆේස්බුක් ගැන තීන්දුවකට රජයේ සූදානමක්? - නතර කර බැලීමට යෝජනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

ෆේස්බුක් ගැන තීන්දුවකට රජයේ සූදානමක්? - නතර කර බැලීමට යෝජනාවක්

ෆේස්බුක් ගැන තීන්දුවකට රජයේ සූදානමක්? - නතර කර බැලීමට යෝජනාවක්

අත්හදා බැලීමක් හැටියට දවසකට ෆේස්බුක් නතර කර බැලීමට සිත්වන බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්, නීතිඥ නිමල් බෝපගේ මහතා පවසයි.

ෆේස්බුක් මගින් අපහාස සිදුවන බවට හානි වන බවට පැමිණිලි වැඩිවෙමින් පවත්නා බවත්, ඒ නිසා ඒ සම්බන්ධයෙන් අද ගැන නොව හෙට ගැන සිතා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සිදුව ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ඒත් එම තීරණය ෆේස්බුක් තහනම් කිරීමට නොවන බවත්, ඒ සම්බන්ධයෙන් දැනට සාකච්ඡාවක් පවතින බවත් ඔහු සඳහන් කළේය.

හානිකර තත්ත්වයන් වලදී ෆේස්බුක් වාරණය කළ හැකි බවත්, ඒ සඳහා වන තාක්ෂණය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතු බවත් ඔහු පැවසී ය.

මේ අතර ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදහස් විමසා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලියවිල්ලක් ප්‍රකාශයට පත්කර ඇති බවත්, එහි අමාත්‍යංශ ලේකම් වෙනුවට ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්සන් තබා ඇති නමුත් එම ලේකම්වරයා තමන් වුවත් තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව බෝපගේ මහතා අවධාරණය කළේය.

මේ රටේ බහුතර ජනතාවට පත්වා දැවෙන ප්‍රශ්නය තොරතුරු දැනගැනීමේ ප්‍රශ්නයදැයි තමන් නොදන්නා බවත්, ඊට වඩා දැවෙන ප්‍රශ්න බොහෝ ජනතාවට පවත්නා බවත් ඔහු කියා සිටියේය.

ලේකම්වරයා මේ බව පැවසූයේ ඊයේ (14) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

 

No comments:

Post a Comment

Post Bottom Ad