සයිටම් මාස 6ක් වහන්න රජය කිව්වාට අපි බැඳිල නෑ - දිගටම අපි කට්ටිය ගන්නවා - වෛද්‍ය නෙවිල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

සයිටම් මාස 6ක් වහන්න රජය කිව්වාට අපි බැඳිල නෑ - දිගටම අපි කට්ටිය ගන්නවා - වෛද්‍ය නෙවිල්


උසස් අධ්‍යාපන ඇමති ප්‍රමුඛ වෛද්‍ය පීඨාධිපතිවරුන් ඊයේ දන්වා සිටි පරිදි මාස හයක් යන තුරු මාලබේ සයිටම් ආයතනයට ශිෂ්‍යයන් බඳවා ගැනීම නැවැත්වීමට  කර ඇති යෝජනාව පුද්ගලික ආයතනයක් ලෙස තමන්ට භාරගන්නට අපහසු බවත් ඒ ගැන අවශ්‍ය නම් උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග කිට්ටුවෙන් සාකච්ඡා
කරන්නට හැකි බවත් පවසන
සයිටම් වෛද්‍ය විද්‍යාලයයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශිෂ්‍යයන් බඳවා ගැනීම දිගටම සිදු කරන බව දන්වා ඇත.

සිසුන්ට හොඳ අධ්‍යාපනයක්  දීමේ අරමුණෙන් තම ආයතනයේ ආචාර්යවරුන්ට විශාල වැටුපක් ගෙවන බව ද, සයිටම් වෛද්‍ය විද්‍යාලයයට ශිෂ්‍යයන් බඳවා නොගත්තොත් මහාචාර්යවරුන්ට වැටුප් ගෙවීමට මුදල් නැතිව යන බව ද නෙවිල් ප්‍රනාන්දු මහතා පැහැදිලි කරයි.

තම ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා ගත්තේ එක් විෂයක් සඳහා රුපියල් 50,000  බැගින් මුදල් ගෙවා යැයි කී ප්‍රනාන්දු මහතා උපාධිය ගත් සිසුන්ට යළි සායනික පුහුණුව   දීමට ඔවුන් එකඟ නොවන බව ප්‍රකාශ කර ඇති බවද අවධාරණය කළේය.

උසාවි නියෝග අනුව සයිටම් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකළහොත් උසාවියට අපහාස කිරීම යටතේ එම සිසුන් අධිකරණයට යනු ඇති බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad