රූම් වලට යන පෙම්වතුන් අත්අඩංගුවට ගන්නවා කියපු බොරුවට අහුවුනා ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

රූම් වලට යන පෙම්වතුන් අත්අඩංගුවට ගන්නවා කියපු බොරුවට අහුවුනා ද?

පෙම්වතුන්ගේ දිනයේ පෙම්වතුන් ගැවසෙන ස්ථාන වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඒ බව කියා සිටියේ, වැලන්ටයින් දිනයේ පෙම්වතුන් ගැවසෙන ලැගුම්හල් සහ හෝටල් කාමර වටලා පෙම්වතුන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරයන ප්‍රචාර පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේය.


හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ඡායාරූපයක්ද යොදාගනිමින් එවැනි වැටලීමක් සම්බන්ධ අසත්‍ය ප්‍රචාරයක් පතියමින් තිබෙන බව ඔහු සඳහන් කළේය.

"ඒක සම්පූර්ණම අසත්‍ය මාධ්‍ය වාර්තාවක්. එවැනි කිසිම වැටලීමක් ශ්‍රී ලංකා පොලිසිය සංවිධානය කරන්නේ නැහැ," ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොලිසිය සුපුරුදු පරිදි සාමාන්‍ය වැටලීම්වල නිරතවන නමුත් "පෙම්වතුන්ගේ දිනයේ, පෙම්වතුන් අරභයා" කිසිදු විශේෂ වැටලීමක් සංවිධානය කර නොමැති බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අවධාරණය කළේය.

බීබීසී සංදේශය

No comments:

Post a Comment

Post Bottom Ad