මෛත්‍රී පක්ෂය හදනවා - මහින්ද පක්ෂය කඩනවා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

මෛත්‍රී පක්ෂය හදනවා - මහින්ද පක්ෂය කඩනවා (VIDEO)

මෛත්‍රී පක්ෂය හදනවා - මහින්ද පක්ෂය කඩනවා (VIDEO)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දූෂිතයින් ඉවත් කරමින් එය ගොඩනැගීමට ගන්නා උත්සාහය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් කඩාබිඳ දැමීමට උත්සාහ කරන බවත් ඉන් සිදුවන්නේ ශ්‍රීලනිපය විනාශවීම බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (31) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී  අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ඉතිහාසයේ සිටම මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයන් නියෝජනය කළ නායකයින් පක්ෂය වෙනුවෙන් පෙනී සිටි බවත් ඔවුන් සම්බන්ධයෙන් කතාබහට ලක්වීමේදී නම් වශයෙන් නොව පක්ෂයක් ලෙස ඔවුන් පිළිබඳව කතාබහට ලක්වූ බවත්ය.

නමුත් පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපය වෙනුවෙන් පෙනී සිටියා නොව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වූ බවත් එය පක්ෂයේ විනාශයට හේතුවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.

වීඩියෝව පහතින්. 

No comments:

Post a Comment

Post Bottom Ad