ශ්‍රීලනිපයේ හදිසි හමුවක් ගාල්ලේදී - ඇමති චන්දිම ආවේගයෙන් මාධ්‍ය අමතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

ශ්‍රීලනිපයේ හදිසි හමුවක් ගාල්ලේදී - ඇමති චන්දිම ආවේගයෙන් මාධ්‍ය අමතයි

ශ්‍රීලනිපයේ හදිසි හමුවක් ගාල්ලේදී - ඇමති චන්දිම ආවේගයෙන් මාධ්‍ය අමතයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය සැමරීමට දින හතරක් තිබියදී ගාලු දිස්ත්‍රික්කයේ ජන සහභාගිත්වය සහ සුදානම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ වනවිට ගාල්ල මිනාරාම හෝටලයේ දී පැවැත්වේ. 

ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල්, අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, අමාත්‍ය පියසේන ගමගේ ඇතුළු ගාලු දිස්ත්‍රික්කයේ සියලුම ආසන සංවිධායකවරු එකතු වී මෙම මාධ්‍ය හමුව පවත්වන බව වාර්තා වේ.

මෙහිදී අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සන්ධාන රජයක් නැවත බිහි කිරීමට අවස්ථාවක් තිබෙන බවත් මෙරට වෙසෙන සෙසු ජාතීන් අන්කවරදාටත් වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිතුමා පිළිගන්නා බවත් එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිලිහී ගිය සෙසු ජනයාගේ ආදරය ගෞරවය නැවත දිනාගෙන තිබෙන නිසා 2020 දී ශ්‍රී ලංකා ආණ්ඩුවක් පිහිටුවීමට ස්ථීරවම හැකි බවත්ය.

පක්ෂය කැඩීමට කිසිවෙකුටත් ඉඩ නොතබන අතර පැමිණෙන සියලු බලවේග පරාජය කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අප සැමගේ ආදරණිය පක්ෂය බවත් අමාත්‍යවරයා කියා සිටියේය. 

ඉන් අනතුරුව මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන් හී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය වෙනුවන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් අද දිනයේ සංවිධානය කොට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad