එස්එල්එස් සහතිකය නැති හෙල්මට් අද සිට තහනම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

එස්එල්එස් සහතිකය නැති හෙල්මට් අද සිට තහනම්




ශ‍්‍රී ලංකා ප‍්‍රමිති සහතිකය සහිත යතුරුපැදි හිස් ආවරණ භාවිතය අද (01) සිට අනිවාර්යය කර තිබෙනවා.
ඒ අනුව ආරක්සාවෙන් තෙර ප‍්‍රමිතිය නැති හෙල්මට් භාවිතා කිරීමද දඬුවම් ලබන වරදකි.

රිය අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව අවම කරගැනීමේ අරමුණින් මෙම නීතිය කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න පවසා ඇත.
හිස්වැසුම් පැළඳගෙන දිනකට සිදුවන මරණ 07 හෝ 08 ක් වන බවත් හිස්වැසුම් ප‍්‍රමිතියට අනුකූල නොවීම මෙම මරණවලට සෘජු හේතුව ලෙස හඳුනාගෙන ඇති බවත් ඔහු පවසා තිබේ.
ප‍්‍රමිතිය

සහිත හෙල්මට් භාවිතය අනිවාර්ය කරන නීති මීට වසරකට පෙර ගැසට් කර තිබූ නමුත් එය පොලිසියේ නිරීක්ෂණය මත කි‍්‍රයාවට නංවන්නේ අද සිටයි.
මේ අනුව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අනුමත නොකළ යතුරුපැදි හිස්වැසුම් අලෙවි කිරීම පවා අද සිට තහනම්ය.


No comments:

Post a Comment

Post Bottom Ad