කර්නල්ගේ වැඩ තහනම් - තවත් ගිනි අවියක් දියවන්නාවෙන් සොයා ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

කර්නල්ගේ වැඩ තහනම් - තවත් ගිනි අවියක් දියවන්නාවෙන් සොයා ගනී

කර්නල්ගේ වැඩ තහනම් - තවත් ගිනි අවියක් දියවන්නාවෙන් සොයා ගනී

මාලඹේ, ඉසුරුපුරදී තම බිරිඳට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන් කර්නල්වරයාගේ සේවය අත්හිටුවීමට යුද හමුදාව කටයුතු කර ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.

යුද හමුදාපතිවරයා විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ උසාවියක් කැඳවීමට ද යුද හමුදාපතිවරයා නියෝග කර තිබේ.

එසේම මෙවැනි සිදුවීම් වලදී වැරදිකරුවන් වන යුද හමුදා සාමාජිකයන්ට උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් යුධ හමුදාවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව මගින් විමර්ශනයක් සිදුකරන බවද හමුදා ප්‍රකාශකවරයා එහි සඳහන් කර තිබේ.

එම විමර්ශන වාර්තාවෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද එහි සඳහන් වේ.

මේ අතර සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත ඔහුට අයත් තවත් ගිනි අවියක් දියවන්නා ඔයේ තිබී අද (01) උදෑසන සොයාගත් බව අතුරුගිරිය පොලීසිය සඳහන් කරයි.

සැකකරු විසින් වෙඩි තැබීම සඳහා යොදාගත් බව කියන ගිනි අවිය පසුගිය 30වනදා දියවන්නා ඔයේ තිබී සොයාගත්තේය.

No comments:

Post a Comment

Post Bottom Ad